
එදා ටයිටැනික් ගිලුනේ නැත්නම් එහෙම
2024-02-20 • 7 min read
"අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී" මෙහෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කලා නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්න රොකටය පිටත් වුණාම, නමුත් ඒ වහාම අමර්කාවල නාසා ආයතනයෙන් පණිව්ඩයක් ආවා,
"නීල් ෆෝන් එක වහාම ෆ්ලයිට් මූඩ් දාගන්න" කියලා..
මම මේ උදේම මේම දෙයක් කීවේ අපි හැම වෙලේම දෙයක් දකින්න ඕනේ අවුට් ඔෆ් ෆ්‍රේම්, එතකොට තමයි බිත්තියේ යන හූණෝ, කැරපොත්තෝ, පේයින්ට් පැචස් එහෙම පේන්නේ...
ඕව්කේයි... මල්වඩම් අනවශ්‍යයයි...
---
මේකයි සිද්ධිය, ආයෙත් ටයිටැනික් බැලුවා,
ඇත්තටම මට ඒක වෙනස් විදිහකට පෙනුනේ, රෝස්ගේ අම්මලා කලින් රිච් ෆැමිලි එකක්, තාත්තා මැරිලා,
දැන් ඉඩකඩම් දේපල වෙන්දේසි කරන්ඩ නියමිත් වෙලා තියෙන්නෙ, ඉතින් රොස්ගේ අම්ම ප්ලෑන් කරන්නේ කොහොම හරි කැල්ගේ ඇඟේ රෝස්ව ගහලා එතනින් ගොඩ යන්ඩ, කැල් කොල්ලත් ඇත්තටම රෝස්ට ආදරේ සීන් එකක් තියෙන්නේ, රෝස්ට ඒක දිරවන්නෙ නෑ, ඔච්චර එන්ගේජ් වෙලා ඉද්දීත් මේකි අර ජැක් එක්ක පිස්සු නටන්ඩ ගත්තා, අනික රෝස් සුයිසයිඩ් කරගන්ඩත් ගියා, ඒ කියන්නේ කෙල්ලට මොකක් හරි මානසික ලෙඩක් එහෙමත් තියනවා... ලෝකේ ඉන්න හැම තුන්දෙනාගෙන් එක්කෙනෙකුට මානසික රෝගයක් තියනවානේ, බලන්න දෙපැත්තේ දෙන්නා පිස්සු දෙන්නෙක්ද කියලා, නෑනේ... අහලාවත් නෑනේ... හ්ම්ම්ම්ම් එහෙනම් හිතා ගන්න... මේ එෆ් බී පේජ් එකක තිබ්බ පලියට දෙපැත්ත බලනවා කියන්නේ... දෙයාර් ඊස් සම්තින් බිහයින්ඩ් දැට්...
හරී, මේ ලෝක පූජිත ආදර කතාව කැල්ගේ පැත්තෙන් බැලුවොත් හෙන විරහා සීන් එකක්... ඔය ෆිල්ම් එකේ කාස්ටින් ටීම් එකට බැරිවෙලා හරි කැල්ව හම්බුණානම් ඔය කතාව වෙනස් විදිහකට යන්න තිබුණා,
මේ ෆිලුමේ හැටියට කපල් එක ජැක් ඇන්ඩ් රෝස්, ඒත් වෙන්ඩ ඕනේ අන්ෆේත්ෆුල් වගේ කැල් ඇන්ඩ් රෝස් කපල් එක, ජැකා තමයි දුශ්ටයා වෙන්ඩ ඕනේ...
දැන් අපි නිකමට බලමු නැව අයිස් කන්දේ හැප්පුනේ නෑ, ඒක කොහොම හරි හරවලා බේරාගත්තා කියලා, එහෙම වුණානම් කොහොම වෙයිද???
========================
කපිතාන් බාර් එකේ බොන ගමන් තමන්ගේ ක්ෲ එකත් එක්ක
"මල්ලී කොහොමද එදා නැව සයිඩ් එකෙන් වැදුනානම් එහෙම??? එහෙනම් මචන් අනිවා ඇතුලට වතුර ඇවිත් , බඩු බනිස් වෙනවා, හැබැයි පුතෝ එහෙම වුණානම් මේකට "අන්සින්කබල් ශිප්" කිය කියා අපි කියපු එකත් චාටර්, එහෙමනම් මේකට ෆිල්මුත් ගහයි ටයිටැනික් කියලා" (සියල්ලෝම මහ හඬින් සිනාසේ) කැප්ටන් තායිවාන් චිලී සෝස් වල පොඟවා ගත් හැම් කෑල්ලක් කටේ දමා ගනියි.
"අප්පෝ ඔව් කැප්ටන් එදා කොහොම හරි ගේමක් දීලා අපි ටර්න් කලානේ"
" අපේ ටුවර් එකේ චාටර් සීන් එකක් කියලා තිබ්බේ අර තර්ඩ් ක්ලාස් එකේ එකෙන් මාලයක් උස්සපු සීන් එක විතරයිනේ නේද??? "
==============
ටයිටැනික් නැව ඇමරිකාවට ලඟා වනතෙක්ම ජැක්ව යකඩ බටයට මාන්චු දමා තබා ගනී, වරාය පොලිසිය මඟින් ජැක්ව ඇදගෙන යයි, පරන අලු පැහැති බෙල්ට් එක නොදැමූ කලිසම එල්ලා වැටෙයි, විටෙක ඔහුගේ මුහුණට වැටෙන කෙස් රොද ඔහුගේ දකුණතේ බාහුවෙන් ඉහලට දමයි, ඇත්තෙන්ම වයසට වඩා මහලු පෙනුමක් මොහුගෙන් පෙන්නුම් කරයි. ඔහුගේ එක් අතකින් එදා නැවට නගිද්දී ගෙනගිය අලි කකුල මෙන් බෑගයත්, අනෙක් අතින් ඔහුගේ පින්තූර ඇඳපු පොතත් ඔසවාගෙන එයි, ඔහුත් තමා හා සෙට්වන හැම කෙල්ලගේම නිරුවත් ජායාරූප එකතුවක්ලඟ තබා ගත්තා කියා ඔබ දන්නවාද???
කෙසේ හෝ දියමන්ති මාලය සොරා ගැනීමේ වරදට වරද කරුවූ ජැක් සිරගත කරයි, වෙලාවල ඔහු ෆොටෝ සියල්ල සාගයරයට දමා ඇත, එසේත් නැතිනම් එංගලන්තයේ මහ රැජිනගේ සිට දෙවන ජෝජ් රජුගේ බිරිය දක්වා ක්ලෝත්ස් රිමූ වීමට ඉඩ තිබිණි. ජැක්ට මිතුරන්ගෙන් ඔය නම වැටුණේ ඔහු බස් රථවල ගමන් කරන විට ඔහුගේ තිබූ නරක පුරුද්දක් නිසා බවත් ඔබ නොදන්නවා විය හැක.
දැන් ජැක්ව අල්ලා සිර කූඩුවේ දමා ඇත, ඔහු සිරකූඩුවේ බිම දකුණතේ දබර ඇඟිල්ලෙන් රෝස් ගේ රුව අඳියි, නැවත මකයි...
"ශික්"
ඔහු වමත මිට මොලවා පොලොවට ගසයි, සිර කූඩුවේ ඉහල කවුළුව අතරින් එන ආලෝක ධාරාව සමඟ ජැක් අත මිට මොළවා ගැසූ පහරින් ඇවිස්සුණු දූවිලි මනරම් දර්ශණයක් මවයි, ආලෝක කදම්බ අතරින් දූවිලි අංශු ඔබ මොබ ගමන් කරන අපූරුව... ඔහු විශාල දූවිලි අංශුවක් අල්ලා එය මහපටැඟිල්ලෙන් හා දබරැඟිල්ලෙන් පොඩි කරයි,
"මේ කොහෙවත් යන එකියක් හින්දා මට හිරේ ලගින්ඩ වුණානේ ඒත් මම නොකරපු වැරැද්දකටනේ මුන් මාව හිරේට දැම්මේ " කියා ඔහුටම කියමින් බෙලෙක් කෝප්පයේ ඇති වතුර වලින් උගුරක් බොයි.
"ඳඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්" ජැක් මුමුණයි.
=================================
"කැල් පුතේ උඹ ඔය ගෑනි ගැන ආයේ හිතන්ඩවත් එපා, උඹ හිතන්නේ ඔය හෙලුවැලි පින්තූරේ අරූ ඇන්දේ නිකම් අනුමාන කරලා කියලාද?"  කැල්ගේ මව දොස් දෙවොල් තබද්දී කැල්,
"මම මෙච්චර වටිනා දියමන්ති මාලයක් දීලා, ඔක්කෝම වැරදි වලට සමාවත් දීලා තියෙද්දිනේ මේකි ආයෙත් අරූ එක්ක යකා නැටුවේ, හ්ම්ම්ම් බොරු බයිලා මෙයා ලිස්සන්ඩ ගියාලු, ජැක් ඇල්ලුවාලු, මොනවාද මේ කතා??? මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ එහෙම වෙන්ඩ, අනික ඔය මහ රෑ මොකටද ගියේ ඩෙක් එකට??? අපිට ගහන්ඩ ඕනේ මඩු වලිගෙන්"
"මොකාද පුතේ මඩුවා කියන්නනේ"
"ලංකාවේ මූද ආශ්‍රිතව ඉන්න මාලුවෙක් අම්මේ, මඩු කරවල පට්ට රහයි, ඒක හදන්න ඕනේ මෙහෙමයි, කරවල ටික පොඩියට කපලා, මිරිස් එක්ක මත ගාලා තියලා, තාච්චියට තෙල් ටිකක් දාලා, රත්වුණාම, සුදුලූනුයි කරපිංචයි දාලා රන්වන් පැහැ වෙද්දී, කපපු ලූණු කෑලිත් එක්ක දාලා ගත්තානම්, කැකුළු බතුයි සම්බෝලයි එක්ක පට්ට, ආ... තව අන්තිම හරියෙදී තක්කාලි කෑල්ලක් දාන්න ඕනේ... මන්නාරමේ ෆ්‍රෙශ් මඩු කරවල කිලෝ එක 250යි" කැල්ගේ මව ග්‍රෑම් සීයක ගනන් අතින් හදා බලයි...
මේ අතර, රෝස්ගේ මව කැල්ගේ මවට දුරකතන ඇමතුමක් ගනී,
"හෙලෝ"
"නන්ගි මම මේ රෝස්ගේ අම්මා"
"ඔව් අක්කේ කියන්ඩ"
"නෑ මේ අපේ ලමයින්ගේ කසාදේ ගැන කතා කරගන්ඩ ගත්තේ, නන්ගි ඉතින් කෝල් එකක්වත් දුන්නේ නැති හින්දා මම මේ බැලුවේ, නැවේදී අපේ එකීගෙන් මොනවා හරි අඩුපාඩුවක් එහෙම වුණාද කීයලා"
"අනේ එහෙම දෙයක් නෑ අක්කේ, ඒ කසාදේ කෙරෙන්නේ නෑ"
"ටීක් ටීක් ටීක්" ලෙස විසන්දි වීමේ නාදය ඇසේ, රෝස්ගේ මවගේ ඇඟ සීතල වී යයි... ඇය නැවත උත්සාහා කරයි,
"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත, එන්ගල් අලෙයික්කු තත්කාලේන මුඩියාද, ද මොබයිල් යූ කෝල් හෙල්ඩ් නොට් රෙස්පොන්ඩඩ්"
රෝස්ගේ මව ගිරියෙහි නහර පුප්පමින් "රෝ........................ස්"
රෝස් නැවේ නැටූ ජෝගියනිසා කැල්ගේ ගෙදරින් රෝස්ව ප්‍රතික්ශේප කරයි, ඉන්පසු කැල් වෙනත් විවාහායක් කරගනී,
"එක වරක් ඔබට මා එපානම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා" කැල් මුමුනයි
================================
ඒ අතර රෝස් සහ මව ආර්ථික අපහසුතා මැද කුඩා ගොවිපලක් පවත්වාගෙන යාමට තීරණය කරයි, මේ වන විට ඔවුනට ඇති විශාලතම ගැටලුව වන්නේ රෝස්ට ජැක්ගෙන් ලැබෙන්නට සිටින දරුවා හදා වඩා ගන්නේ කෙලෙසකද කියාය, එදා ජැක් සමඟ පරණ මොරිස් මයිනර් කාරයට නොනැග්ගානම් කියා රෝස්ට සිතී ඇත, මීදුම් බැඳුන කාර් වීදුරුව පිහ දැම්මා රෝස්ට ලාවට මතකය, වෙච්ච දේ වුණා, දැන් බබා හම්බෙලාය, පොඩි එකාගේ බරත් ගානටය, එනිසා ත්‍රිපෝශත් නැත,
රෝස්ලාට දැන් වත්කමක් නැත, සියල්ල වෙන්දේසි කර ඇත, ඒ අතර රෝස් ගේ මව රෝස්ට අනතුරු ඇඟෙව්වා සේම ඔවුනට ඇඩ්රස් නැත, තවද ඇය මැහුම් ගෙතුම් වලින්ද යම් මුදලක් සොයයි,
ඔවුන්ගේ ගොවිපලේ මූලිකම භෝගය වන්නේ බඩ ඉරිඟුය, එම ප්‍රදේශයේ පැවති විශාල කෘමි උවදුරක් නිසා ඔවුනට බලාපොරොත්තු වූ තරමේ ආදායමක් නොලැබිනි,
" හයියෝ රෝස් මේ පාරත් අපිට කඩේ නය ටික ගෙවාගන්ඩ වෙන එකක් නෑ, මේ සේනා ඇවිත් ඔක්කෝම විනාශ කලා, හාක්රොස් පට්ටාස් වත් ගහන්ඩ ඕනේ, නැත්නම් ගොඩ යාමක් නෑ "
"හ්ම්ම් ඒක ඇත්ත අම්මේ, බලමු අපේ කිකිලියෝ ටික තාම බිත්තර දැම්මේත් නෑනේ"
"මම ටවුමට ගියාම දැක්කේ අර කැල් ලමයා අලුතෙන් කාර් එකක් අරගෙන මයේ හිතේ, කොහෙද ඉතින් උඹට නැවේදී මදන විසේ ඉහට ගැහුවානේ, නොදකින් එහෙනම් යකෝ මම අද මෙහෙම මැරි මැරී බඩ ඉරිඟු කඩන්නේ, රෙදි මහන්නේ නෑනේ" රෝස්ගේ මව කොට්ට උරයකට කතිර මැස්ම දමන අතර පැවසුවාය...
"මටත් හිතෙනවා අම්මේ මම කරගත්තේ හෙනම ගොන්කමක් කියලා" රෝස් චීනච්චට්ටි වංගෙඩියට ඉඟුරු සුදුළූණු කරපිංචා සහ කෑලි මිරිස් දමා කොටන අතරේ පැවසීය,
"මගෙන් පදේ නොඅහා ඉඳින් දුවේ, ඕකට උම්බලකඩ ටිකක් දාපන් රසයි එතකොට" රෝස්ගේ මව ඇඟිල්ලේ ඉඳිකට්ට ඇනුණ නිසා ආ ඕ පොස්ටිටිව් ලේ බිංදුව ඉවත් කරන අතරතුර පැවසීය.
"සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනහා පොදක්, හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් " රෝස් තනියම මුමුනයි.... ජැක් සිරගෙදර කා අතරත් හොඳ හිත දිනාගෙන සිටියේය, ඇත්තෙන්ම ජැක් අහින්සක තරුණයෙකි, ලුණු මිශ්‍රිත මූදු හුලඟ නිසා ඔහුගේ කාමය ඇවිස්සී කරගත් අන්ඤෝමන්ද්ය ක්‍රියාවට ඔහු පසුතැවුණු වාර අනන්තය, ඔහු සෑම දිනකම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට නිදහස ලබා දෙන ලෙසයි, තඹ පැහැති හිසකෙස්, බළල් ඇස් නිසා සිරගෙදර සිටින පාශාණකාරයන්ගෙන් ජැක් බේරී සිටියේ හෙන ගේමක් දීය.
කෙසේ හෝ වෙසක් උත්සවයන් හේතුවෙන් ජැක් ඇතුලු සුළු වැරදි වලට සිරගෙට නියමවූ සැකකරුවන් 100කට ජනපති සමාව හිමි විය. ජැක් සිරමැදිරියේ කවුන්ටරයෙන් තමාගේ මුදල් පසුම්බිය සහ ඇඳුම් බෑගය අතට ගෙන සිර මැදිරියෙන් එළියට ආවේය.
ඔහුට යමක් මතක් වන්නට විය, ඔහු තම මුදල් පසුම්බිය කලබලෙන් අදින්නට විය, පසුම්බියෙන් එකින් එක ඔහු එළියට ගන්නට විය, හොඳින් පිළිවෙලට නමා තිබූ තෙල් කඩදාසියක්, රෝස්ගේ පවුලේ අය සහ රෑ කෑමට ගිය අවස්ථාවේ හොරෙන් පසුම්බියේ දමාගත් රත්තරන් ආලේපිත කුඩා අතුරුපස හැන්දක්, පාපැදියේ වාරික ගෙවූ බිල්පතක් ඒ අතර විය, අවසානයේ ඔහු පසුම්බියෙන් එළියට ගත්තේ රෝස් මුල් හමුවීමේදී දුන් ඇයගේ විසිටින් කාඩයයි. එහි රෝස්ගේ නිවසේ ලිපිනය තිබිණි, ජැක් එම ලිපිනය වෙත යාමට ඌබර් රථයක් දැමීමට කල්පනා කලද පසුව මතක්වූයේ තමන් අතේ මුදල් නොමැති බවයි, එසේ මුදල් තිබුණද ඒකාලය වනවිට ඌබර් සමාගම තම ව්‍යාපාරික කටයුතු වලට අත ගසා නොමැති බව ඔහුට සිහියට එන්නට විය.
ඔහු පයින්ම රෝස්ගේ නිවස කරා යන්නට විය, කෙසේ හෝ ජැක් මඟ යන අතරතුර මතක් කරනු ලැබුවේ තමන් නැවේ ඉදිරිපස සිට මුහුද දෙස බලා සිටින අතරතුර සුදු පැහැති ඇතුල් කබායකින් සහ දිදුලන නිල් පැහැති ඕවර් කෝටයක් සහිතව තමන් අසලට ආ රෝස්වය, ඇත්තෙන්ම එදා ඇය තමන් ලඟට ගෙන ඇස් පියාගන්නට කියා ඇයව නැව් බඳේ ඉදිරියට ගෙන ගොස් දෑත් විහිදුවා නැවත ඇස් අරින්නට කියූ අවස්ථාව ඔහුට මතක් වන්නට විය, ඒ සමඟ පසුබිමෙන් ගිය,
"ඒව්රි නයිට්ස් ඉන් මයි ඩ්‍රීම්ස් අයි සී යූ අයි ෆීල් යූ දෑටිස් හව් අයි නෝ යු ගෝ ඔන්..." මතක් වන්නට විය.
ඔහුගේ සිතේ ඈ කෙරේ නැවත ආලය ජනිත වන්නට විය, කෙසේ හෝ කාත් කවුරුවත් නැති ජැක් අවසානයේදී රෝස්ව හමුවී ඇයගෙන්ම ගොඩ යන්නට අදහස් කරන ලදී, ඔහු අවුරුද්දකට ආසන්න කාලයක් හිරබත් කා ඇත.
"මේකි වෙන එකක්වත් පටලාගෙනද දන්නේ නෑ මේ වෙද්දී" ජැක් සිතමින් ගමන් කරන්නට විය.
කෙසේ හෝ වන දුර්ග ගිරි දුර්ග ලඳු කැලෑ තෙත් පතන පහුකරගෙන ජැක් රෝස්ගේ නිවස කරා ඇදෙන්නට විය.
කුඩා කඩයක් විය, ඉදිරිපස කොත්තු ගසන ස්ථානයේ වීදුරුවේ ඩොල්පින් කොත්තු චිකන් කොත්තු පරාටා බත් බත් පාර්සල් ලෙස විවිධ වර්ණයෙන් ඉංග්‍රීසි බසින් වචන ගසා තිබිණි, ඉදිරිපස ඇඹුල් කෙහෙල් ඇවරියක් එල්ලා තිබිණි, සෝකේසයේ ආප්ප සහ එළවලු රොටී අසුරා තිබිණි.
"මාමා, මේ ලිපිනයේ රෝස් කියලා ගෑනු ලමයෙක් ඉන්නවද" ජැක් විසින් කාඩය පෙන්වා එම කඩයෙන් අසන ලදී.
"ඉන්නවා, ඔය ලමයා කව්ද එයාගේ" කඩයේ පුද්ගලයා සැක සහිත ලීලාවකින් අසන්නට විය.
"මම රෝස්ගේ පෑනේ මිතුරෙක්" ජැක් පවසන්නට විය.
"හ්ම්ම්ම්ම් ඔතන ඕවිටෙන් එහා තියන ගුරුපාරේ දිගටම යන්න, එළදෙනක් ගැට ගහලා ඇති උදේ ඉඳන්, එතන තියන ගෙදර, කේලමක් කියනවා කියලා හිතන්න එපා, මොකද කෙල්ලගේ චරිතේනම් එච්චර හොඳ නෑ, දැන් අවුරුද්දකට කලින් බඳින්න හිටියේ, නැවක ගිහිල්ලා මොකද්ද හුටපටයක් වෙලා දැන් ඒ සම්බන්දේ නෑ, නෑ ඉතින් ඕවා කිවේ නිකම් දැනගන්න" අන්කල් වට්ටි අම්මා කෙනෙක්මෙන් කියාගෙන කියාගෙන ගියේ, ඉන්පසු ජැක් නැවතත් අදාල ලිපිනය කරා ගමන් ආරම්භ කරන්නට විය.
"එයා ඒම නෑ" කියා සිතමින් ජැක් ගමන් කරන්නට විය. නිවසකට යනවිට කිසිවක් රැගෙන නොයාම හිතට මදිකමක් වූවත් අතේ සතේ නැතිකම නිසා ඔහු හිස් අතින්ම යන්නට විය.
ජැක් කුඩා ගුරුපාරෙන් හැරී ගමන් කරනවිට ඈතින් දුටු දර්ශණයෙන් ඔහුගේ ඇස් අදහාගන්නට බැරිවිය, ඝාම්භීරව නමුත් ගරාවැටී තිබූ නිවසේ ඉදිරිපිට ගැට ගසා තිබූ එළදෙනගෙන් රෝස් කිරි දොවමින් සිටියාය, ඇය රන්වන් කෙස් කරල් දෙකක් මුහුණට වැටෙන අයුරින් දමා, එදා සඳමයි අදත් යෞවනයේ මෙන් රෝස පැහැති කම්මුල් ඔහුව නැවත නැව වෙත මනසින් ගෙනියන්නට සමත් විය, ජැක් නැවත දෙනෙත් පිසදා බැලුවේ තමන් දකින්නේ මායාවක්ද කියාය, ඔව් ඒ රෝස්ම බවට කිසිඳු තර්කයක් නොමැත,
"රෝස්..." කියමින් ජැක් දිව යන්නට විය, පසෙකින් ඒව්රිනයිට්ස් ඉන් මයි ඩ්‍රීම්ස් සංගීතය ඇහෙන්නට විය, ජැක් තම තඹවන් හිසකේ සුළඟෙහි ලෙළ දෙවමින් දිව යයි, විගසින් රෝස් හැරී බැලුවාය, ජැක් දුටුවේ එදා දුටු රෝස්ගේ නිල්වන් දෙනෙත් ය, නා දළු රත් පැහැ දෙතොල් ය, පිරිපුන් ලමැදය,
"ජැක්..." කියමින් ඇයද නැඟිට්ටාය, ජැක් දැන් රෝස් ලඟය,
"කෙල්ලේ..." කියමින් ජැක් රෝස්ව බදාගත්තේය බදාගෙන ඇයගේ ඉඟටියෙන් අල්ලාගෙන ඔසවා ඇයගේ පපු පෙදෙස සිප ගනිමින් ඇයව සමඟ කැරකෙන්නට විය, රෝස් දෑත දෙපසට විහිදා ජැක්ගේ උද්යෝගීමත් බළල් ඇස් දිහා බලා සිටින්නට විය,
"ම්බෑ....ජහ්" කියමින් ශබ්දයක් එන්නට විය, "ටෞකන්න..." කියමින් ජැක් පස්ස අල්ලාගත් අතර රෝස් තණ පිටියට ප්‍රේතයා පොළොවේ ගැසුවාක්මෙන් වැටුණි, ඇය වැටුණේ දොවමින් තිබූ කිරි බාල්දිය උඩටය, බිම පුරා කිරි විසිරී ගියේ නොසිතූ පරිද්දෙනි, අසල ගැට ගසා සිටින වහු පැටියා තමන්ට එරුණ කිරි බිම විසිරී යනු දැකීමෙන් අඩෝ වයි බං බැල්මක් හෙළන්නට විය, එළදෙන කුලප්පු වී ජැක්ගේ පස්ස්ට හොඳ පාරක් ඇන ඇති බව රෝස් දුටුවේ එළදෙනගේ වම් අඟේ තිබූ ලේ පැල්ලම දුටු විටය, එළදෙන නැවත ජැක් දෙසට ඔලුව හැරවූයේය,
"රත්තී..." කිරි නා බිම වැටී සිටි රෝස් ගිරිය පුප්පමින් එළදෙනට කෑගසන්නට විය, තවත් කුලප්පු වූ එළදෙන හොඳවායින් පයින් පාරක් ජැක්ගේ අධි ආරක්ශිත කලාපයට දෙන්නට විය,
"තාම බැහැලා නෑ මදන විසේ තොපේ, මම බලාගෙන හිටියේ මේ කිරි දොව දොවා හිටිය කෙල්ල ඇදලා අරන් නටපු නාඩගම" කියමින් කෑගසාගෙන දුව ආ රෝස්ගේ අම්මා රත්තී නැමති එළදෙන එතනින් ඉවත් කරගන්නට විය. ජැක් දුන්න බෑවාක් මෙන් පස්සට නැමී වමතින් පස්ස සහ දකුණතින් ඉස්සරාහා අල්ලාගෙන කෙඳිරි ගායි, වැටුණ පාර රෝස්ගේ කකුලද ඇමැට්ටිවී ඇත.
ජැක් රෝස් ගේ ගෙදරට ආදිනම නැට්ටේ ඉඳන් ගොමය, කෙසේ හෝ අම්මලාගේ නොකැමැත්තෙන් හෝ කරගන්නට දෙයක් නොමැති වීමෙන් ජැක්ව රෝස්ගේ නිවසේ නතර කර ගැනීමට ඇගේ මව කැමති විය, ජැක්ගේ ඉදිරිපස සහ පසුපස ගොඩ වෙදකම් කිරීමට සිදුවිය, දෙදෙනාහට විවාහයක් කරගැනීමට අවශ්‍ය වූවත් මුදල් නොමැතිකම නිසා ලිවින් ටුගෙදර් සීන් එකේ හිඳීමට කතිකා කරගත්තෝය.
----
එන්න එන්නම ආර්ථික තත්වය පහළට වැටෙන්නට විය, නැවේ ලව් කරා මෙන් නොව සැබෑ ජීවිතයේ ජීවන ගමන ඉතාමත් අපහසු එකක් බව දෙන්නාටම දැන් පසක් වී හමාරය, ජැක් දවල් වෙනතුරු බුදියයි, ඉන් පසු කන්දක් මෙන් බත් පතක් ගිල දමයි, ඉන්පසු ඔහු නැවට නැඟීමට පෙර අවස්ථාවේ මෙන් බූරු ගැසීමේ ක්‍රීඩාවට යොමුවෙයි, සවස කට ගොන්නක් බීගෙන ගෙදර එයි, නමුත් ඔහු කලහකාරී නැත, ගන්න දේකුත් නැත,
"හරිම අමාරුයි ජැක් මේ ආර්ථිකේ එක්ක, බබාගේ ඔඇම්පස් පැකැට් එකක්ම කීයද බලනවාකෝ" රෝස් ජැක්ට කන් කෙඳිරි ගාන්නට විය.
"හ්ම්ම්ම්" ජැක් පිළිතුරු දෙන්නට විය.
"ගේ හරියේ එක එළෝලුවක් නෑ" රෝස් නැවත කන්දොස්කිරියාව පටන් ගත්තාය.
"රෝස්, මම අහන්නමයි හිටියේ" ජැක් බයාදු ස්වරූපයෙන් කතා අරන්නට විය.
"ඔව් කියන්න" රෝස් කීවාය.
"අර දියමන්ති මාලේ ඔයා ගාව නේද, අපි ඒක ටවුන් එකේ එදිරිසිංග ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් එකේ තියමුද" ජැක් කෙලින්ම මාතෘකාවට බහින්නට විය.
"ඒක උකස් තිබ්බේ දැනට මාස 6කට කලින්, දැන් සින්න වෙන්නත් ලඟයි, ඒකෙන් තමා ගේබේර ගත්තේ මිනිහෝ, ඔක්කෝම තියන ඒවා උකස් කර කර කන්න ප්ලෑන් නෙවෙයි තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන් කන්න පුරුදු වෙන්න ජැක්, අඩු ගානේ චිත්‍ර ටිකක් වත් ඇඳලා විකුනන්න දාන්නකෝ" රෝස් මැසිවිලි නඟන්නට විය, මාලය උකස් තැබීමට ඇයගේ කිසි කැමැත්තක් නොමැත.
"අනේ මට කම්මැලී ච්ත්‍ර අඳින්න රෝස් දැන්" ජැක් කියන්නට විය.
"ඔව් කීයක් හරි හම්බ කරගන්න තමයි අඳින්න බැරි, ගෑනියෙක් ඇඳුම් නැතිව අඳින්න කිව්වොත් නොකා නොබී අඳී, ඔහොම කී දෙනෙක්ගේ ඇඳලා ඇතිද, මොකෝ මට දිවැස් තියනවායෑ" ඇය කෑගසන්නට විය,
"අදත් දෙන්නාගේ රණ්ඩුව ඉවර නැද්ද, මේකා කනමදයා වාගේ බීලා බීලා ඇවිල්ලා රණ්ඩු කරනවා, මේ වයසක මට නිදාගන්න දියල්ලාකෝ, ගෙදරට බඩු ගේන්න සල්ලි නැත්නම් අන්න අර එළදෙන විකුණපං ජැක්" එහා කාමරයේ සිටිනා රෝස්ගේ අම්මා නින්දෙන් අවදිවී පවසන්නට විය.
----
පසුදින එළදෙන විකිණීම සඳහා ජැක් නගරයට ගමන් කළේය, කිසිවෙක් එළදෙන මිලදී ගැනීම සඳහා ඉදිරිපත් නොවීය, ජැක්ට දැන් හොඳටම තෙහෙට්ටු වී ඇත. ඔහු අසල කඩයකින් එළවලු රොටියක් කා ඉඟුරු දැමූ ටී කෝප්පයක් බොන්නට විය.
"ජැක් මල්ලි මොකෝ මේ එළදෙනක් එක්ක" ඔහු අසලින් පුද්ගලයෙක් පැමින වාඩි විය, ඒ සිරගෙදර බතා අයියාය, ඔහු පොඩි කාලේ බත් කෑ නිසා බතා අයියා කියා මිනිසුන් විහිලු කරන්නට විය, ජැක් ඔහුගේ හැටි හොඳ හැටි දනී, මීටරයක දුරට ගොස් නැවත හිඳගත්තේ කොරෝනා නිසා නොව හිර ගෙදරදී ඔය ආකාරයෙන් අයියලා ඔහු ලඟ හිඳගත් අවස්ථා අනන්ත බැවිනි, ගිනි පෙනෙල්ලෙන් බැට කා කණා මැදිරි එළියටත් බය ජැක් ඔහු හා වැඩිය කුළුපග නොවී කතා කරන්නට විය, ඔහු එච්චර හොඳ මිනිහෙක් නොවන බව මුළු හිර ගෙදරම දනී,
"මේ එළදෙන විකුණා ගන්න ඕනේ අයියා"
"මල්ලී මම ගන්නම්, හැබැයි මම අතේ සල්ලි නෑ, ජැක්ට මම මයා බෝංචි ඇට ටිකක් දෙන්නම්" ඔහු පැවසීය.
කෙසේ හෝ මායා බෝංචි ඇටවලට එළදෙන හුවමාරූ කරගත් ජැක්,
"බතා අයියේ දරුවෙක් වගේ හැදුවේ එළදෙන අපේ රෝස්, මසට එහෙම ගන්නවා නෙවෙයි"
"නෑ නෑ.ජැක් මල්ලියා, කිරි සහ බිත්තර වලට විතරමයි" ජැක්ගේ අත අල්ලා දිවුරා පැවසීය, ඉන් පසු බතා අයියා ජැක්ගේ අත අත නොහැරම ජැක්ගේ ඇසේ බබාගෙන් බතා අයියාගේ ඇසේ බබා බලන්න්නට විය.
"මඟුල් කරන්ඩ එපා" කියමින් ජැක් අත ගසා දමා නිවසට එන්නට විය.
-----
වේගයෙන් ආ වළඳ නළලේ නොවැදී ඔලුව පාත් කර ජැක් බේරුණේය, ඔහු එයට දෙවියන්ට ස්ත්‍රෝත වන අතරම කිතුල් මිට සහිත කොස්ස ජැක්ගේ කොන්ද මත නැන්දම්මාගේ දෑතින් ඉතා වේගයෙන් පතිත විය, ඉන්පසු ඉලක්කය වැරදුණ රෝස් එවූ පීරිසිය වම් කම්මුලේ වැදීමෙන් ගැලවුණ රදනක දත ගොම මැටි ගෑ පොළොවේ පතිත විය.
"ඈ බොල පොළොස් කොට්ටෝරුවෝ, තෝ ඔය ඇටේකට දෙකකට අපේ රත්තීව මාරු කළාද" කියමින් ඊලඟ කොසු පාර දීමට නැන්දම්මා කොස්ස උස්සන්නට විය,
"අහන්න මේ ඇට මායා ඇට" කියා කීමට හැදුවා පමණි නැවත පෙර තැනටම නැන්දම්මාගේ දෝතින් කිතුල් කොසු මිට පාත් විය, කෙසේ හෝ එදින අතක් පයක් නැකැඩී ජීවිතේ බේරා ගත් ජැක් සූදානම් වූයේ බෝංචි ඇට පැල කිරීමටයි.
එදින සිත් වේදනාවටම ජැක් අඩියක් ගැසුවේය, ඔහු බොන්න ගත්තාම දිගටම බොයි, එක්කෝ මත්පැන් ඉවරවිය යුතුය, එසේත් නැතිනම් ජැක් ෆේල් ඩවුන් වියයුතුය, පාන්දර 4 වන තෙක් මත්පැන් පානය කළ ජැක් නිඳා ගත්තේය.
----
පහුවදා උදෑසන ජැක් හොඳ ඇල්ලකින් නා ගත්තේය, මඳක් උණුසුම් මුත් සිහිල් දිය දහරාවක් ඔහුහේ මුහුණට වැටෙන්නට විය.
"චිප් බල්ලා..., දූපිය පර බල්ලා.... නොදෝකින්... තූහ්... මේකා සූ කලානේ කටට" ජැක් කෑගැසුවේය, ඔහු පාන්දර වන තෙක් මත්පැන් පානය කර එහෙමම බිම නිදාගෙන ඇත, බල්ලා පැමිණ සූ කර ඇත.
ජැක් නිඳි ගැට කඩමින් එළියට ගියේය, ඔහුගේ දෑස් අදහා ගන්නට බැරිවිය, ඔහු දැමූ බෝන්චි ඇටයක් පැළවී අහස උසට ගොස් තිබිණි, ජැක් මහත් පුදුමයට පත්විය,
ජැක් හටමේ බෝංචි වැලට නැඟීමට මහත් ආශාවක් ඇතිවිය, ඔහු පැදුරටත් නොකියා බෝංචි වැලට නඟින්නට විය, නැන්දම්මාගේ කොසු හා රෝස්ගේ පීරිසි පාරවල් නිසා ඔහුගේ ඇඟවේදනා දෙන්නට විය.
ඔහු දිගටම බෝන්චි වැලේ මුදුණට ගියේය, එහිදී වෙනමම ලෝකයක් මතුවන්නට විය, එහි යෝධයෙක් වාසය කරන අතර ඔහුහේ රූමත් බිරින්දෑද වාසය කරයි, යෝධයා කෑම ගෙන ඒමට ගොස් ඇත, ජැක් කොහොමත් කුකුලාය, ජැක් තම දුක් අඳෝනාව යෝධයාගේ බිරිඳට කිවූයේය, අවසානයේ ඇයගේ චිත්‍රයක් ඇඳීමටද ජැක් සමත්විය, කෙසේ හෝ රත්තරන් බිත්තර දමන කිකිළියෙක් ඔහුට ඇයගෙන් තෑගි හම්බුණි,
අවසානයේ යෝධයා නිවසට පැමිණි අතර ජැක් ඉන්නා බවක් යෝධයාගේ බිරිඳ යෝධයාට නොකිව්වේය, කෙසේ හෝ තමන් ලඟ තබාගත් කිකිලිය කෑගැසූ නිසා ජැක් මාට්ටු විය, ජැක් පසුපස යෝධයා දිව එන්නට විය, ජැක් බෝංචි වැල දිගේ වේගයෙන් පහතට බසින්නට විය, යෝධයා පෙර මෙන් බෝංචි වැල දිගේ පාතට නොබැස්සේය, ජැක්හට තේරුණේ බෝංචි වැල පාතට වැටෙන බවය, ඔහු පාත බැලුවේය, කැල් කින්ඩි සිනාවකින් මුව සරසාගෙන පොරොවක් අතින් ගෙන බෝංචි වැල පාමුල සිටියේය, ඔව් දැන් ජැක් වේගයෙන් බිමට වැටෙයි,
"මඟුල් නැව එදා අයිස් කන්දේ හැප්පිලා මම ගිලිලා මැරුණානම් එකක්" ජැක් මිනිණීය.